22 ට එරෙහිව මේ වනවිට පෙත්සම් 9ක්

උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් මේ වනවිට පෙත්සම් 9ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිඥ මෛත්‍රී ගුණරත්න, මාචාර්ය ජී එල් පීරිස්, සමගි ජන බලවේගය, සර්වජන බලය, උයද ගම්මන්පිල, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, දුමින්ද නාගමුව හා මිලින්ද රාජපක්ෂ එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

එම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස එම පෙත්සම්වලින් ඉල්ලා ඇති අතර එම සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයකින්ද සම්මත කරන කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකළ පෙත්සමෙන් එම සංශෝධනය පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලකින් සිදුකරන ලෙසද ඉල්ලා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading