අසේල කුරුළුවංශ
ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ මධ්‍යස්ථානය (Center for World University Rankings -CWUR) නිකුත් කළ 2026 නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාල අතර පළමු තැනට පත්ව තිබේ.
විභාග ප්‍රතිඵල, උපාධිධාරීන්ගේ රැකියා හැකියාව, ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවය සහ පර්යේෂණ මෙන්ම කාර්ය සාධනය වැනි දර්ශක මෙහිදී සලකා බලා ඇත.
ලොව විශ්වවිද්‍යාල 21291ක් අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 1695 වැනි ස්ථානය හිමිව තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික හා පර්යේෂණ ක්ෂේත්රයේ ජාත්‍යන්තර මට්ටමේ කාර්යසාධනය පිළිබඳ වැදගත් ඇගයීමක් ලෙස මෙය පෙන්වාදිය හැකි බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.
හාවර්ඩ් විශ්වවිද්‍යාලය මෙම ශ්‍රේණිගත කිරීම් වල පළමු තැනට පත්ව ඇත.
