ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මහාධිකරණ, දිසා අධිකරණ හා මසේත්රාත් අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (අගෝස්තු 18) පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.
ආණ්ඩුව වෙනුවෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර විසින් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා සංශෝධිත පනත් කෙටුම්පත පාරිල්මේන්තුවට ඉදිරිපත් කර ඇති ඇත.
වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලද සංශෝධිත පනත් කෙටුම්පතක් හෝ අලුත් නීතියකට අදාළ පනත් කෙටුම්පතක් ඉතා කෙටි කාලයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවක් ලෙස මෙය හඳුනාගත හැකිය. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද එම පනත් කෙටුම්පත සමඟ ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ එකක් වන අතර එයද ඒ අනුව ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා පනත් සංශෝධනය ඉක්මණින් සම්මත කර ගන්නා බව ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සිවිල් ක්රියාකාරිකයන් ඒවාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශයට පත්කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ඉහළ දැමීමට නියමිත අතර අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයකුගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.
මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 සිට 63 දක්වාද, දිසා විනිසුරුවරුන්ගේ හා මහේස්ත්රාත්වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 සිට 62 දක්වාද දීර්ඝ කිරීමට නියමිතය.
