යකැදුරු වෙස්ගෙන දැරියකට අතවර කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

යකැදුරෙකු වශයෙන් කටයුතු කරමින් දෝෂයක් ඉවත් කිරීමේ මුවාවෙන් බාල වයස්කාර දැරිවියකට අතවර කළ පොලිස් සැරයන්වරයකු කොටදෙනියාව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවට ගැනීම අගෝස්තු 12 දින සිදුකර ඇති අතර එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ යක්කල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි.

දැරියට පෙරේත දෝෂයක් ඇතැයි කියා එම පෙරේත දෝෂය ඉවත් කිරීමේ මුවාවෙන් මෙම අතවරයා කර ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගතකර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading