හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (අගෝස්තු 12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ ඔහු විසින් භාවිතා කරන ලද එකලස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට බව වාර්තා වේ.
නියමිත රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වා ව්‍යාජ ලියාපදිංචි කිරීම් සිදුකර පවත්වාගෙන ගිය වාහන එකලස් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකරමින් පවතින අතර එහිදී එහිදී අනාවරණය වී ඇත්තේ එසේ එකලස් කරන ලද වාහනයක් යෝෂිත රාජපක්ෂ භාවිතා කර ඇති බවයි.
