විදේශ ඇමතිකමට නම කියවුන මහින්ද සමරසිංහ සක්‍රීය දේශපාලනයේ යෙදෙන්නේ නෑලු

තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නොයෙදීමට තීරණය කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු තානාපති මහින්ද සමරසිංහ පවසා තිබේ.

ඔහු ඒ බව පවසා ඇත්තේ අගෝස්තු 09 දින මල්වතු හා අස්ගිරි මහනාහිමිවරු හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසෙු වූවත් වසර ගණනක ජාත්‍යන්තර හා රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් සහිත පුද්ගලයකු වශයෙන් ජාත්‍යන්තර කටයුතු හා විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් රජය විසින් යම් ඉල්ලීමක් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සහයෝගය හා උපදෙස් ලබාදීමට මීට පසුත් සූදානම් බව ඔහු වැඩිදුරටත් මාධ්‍යයට කියා ඇත.

හිටපු ඇමතිවරයකු ද වන මහින්ද සමරසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරන ලද්දේ පසුගිය ආණ්ඩුව වන අතර වත්මන් මාලිමා ආණ්ඩුව විසින් පසුගිය ආණ්ඩුව විසින් පත්කරන ලද තානාපතිවරුන් ඉවත් කිරීමේදී මහින්ද සමරසිංහ මහතාව ඉවත් කළේ නැත.

මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වූයේ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක එම තනතුරෙන් ඉවත්කර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්කිරීමට බව වාර්තා පළවූ වූ අතර මහින්ද සමරසිංහ මහතාට විදේශ ඇමති ධුරය ලබාදෙන බවටද වාර්තා පළ විය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading