බන්ධනාගාර සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා බන්ධනාගාර නිලධාරින්, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවගෙන් සමන්විත ඒකාබද්ධ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය මගින් බන්ධනාගාරවල හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට නියමිත අතර ඊට අමතරව රැඳවියන් මුහුණ දී ඇති ගැටලු මෙන්ම ඔවුන්ගේ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිත ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 07 දින ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති අතර එයට අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්ත්‍රා, පොලිස්පති ප්‍රිියන්ත වීරසූරිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හා බුද්ධි සේවයේ නිලධාරි පිරිසක් සහභාගි වී ඇත.
