බන්ධනාගාර නොසන්සුන්තා පල්ලන්සේන දක්වා පැතිරේ

මේ වනවිට මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය දක්වා රැඳවියන්ගේ නොසන්සුන්තාවය වර්ධනය වී ඇති අතර ඒ බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

ඊයේ රාත්‍රි කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් ආරම්භ වූ රැඳවියන්ගේ නොසන්සුන්තාවය ඉන්පසු කුරුවිට බන්ධනාගාරය දක්වා ව්‍යාප්ත වූ අතර මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල්ගත කරන ලද රැඳවියන් 11 දෙනාගෙන් එක් අයකු අද මියගොස් තිබුණි. ඊට අමතරව කුරුවිට බන්ධනාගාර නොසන්සුන්තාවෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබුණි.

මෙම බන්ධනාගාර නොසන්සුන්තාවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී පැවසුවේ බුද්ධි තොරතුරු හා විමර්ශන අනුව මෙම සිදුවීම් යම් කුමන්ත්‍රණකාරි හා කඩාකප්පල්කාරි ක්‍රියාද යනුවෙන් සැකකයක් ඇතිවී ඇති බවයි. එමෙන්ම එම සිදුවීම් සඳහා පාතාල හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් හේතුවී ඇති බවයි.

Author

Related Posts