බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ හයවැනිදා රාත්‍රියේ හටගත් කලබලකාරී තත්වය මේ වන විට පාලනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ අධිකරණ අමාත්‍යවරයා අප වෙත තහවුරු කළේය.
මෙම ගැටුමට නායකත්වය දුන් හය දෙනෙකු අනෙකුත් රැදෙවියන්ගෙන් වෙන් කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය හර්ෂණ නානායක්කාර අපගේ ඇමතුමකට පිළිතුරු දෙමින් පැවසීය.
රාත්‍රී 10.20 ට පමණ බන්ධනාගාරයේ ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇත.
මෙම නොසන්සුන්කාරී තත්ත්වයට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව අප වෙත ආරචිමාර්ග පැවසීය. කෙසේ වෙතත්, මෙම තත්වය පසුපස සැලසුම් සහගත ක්‍රියාවලියක් තිබේදැයි පරීක්ෂාවට ලක් කර තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.
මේ වන විට එම නොසන්සුන්කාරී තත්ත්වය තරමක් දුරට පාලනය කර ඇති බවත්, බන්ධනාගාරය තුළ පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
40 දෙනෙකුගෙන් යුත් පිරිසක් අතර මෙම නොසන්සුන්තාවය හටෙගෙන ඇති බවද වාර්තා වී තිබුණි.
