හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති දූෂණ නඩුවක් සැප්තැම්බර් 28 වැනි දින විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (අගෝස්තු 5) නියෝග කර ඇත.
2022 වසරේ මැයි මස 09 වැනි දින අරගලයට පහරදීමෙන් පසු ඇති වූ මහජන නොසන්සුන් තාවයේදී හානියට පත් වූ රාජ්‍ය දේපලක් තම දේපලක් යැයි පවසා රජයේ නිලධාරීන්ට බලපෑම් කොට වන්දි ලබා ගැනීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ වලට වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, තම නිල බලය භාවිත කර රජයේ නිලධාරීන්ට බලපෑම් කොට රුපියල් 8,850,000ක වන්දි මුදලක් නීතිවිරෝධී ලෙස ලබාගනිමින් දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
