විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ සංශෝධනය යළි සලකා බලන්න – ජාත්‍යන්තර විනිසුරු සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා රජය විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරු සංගමය (IAJ) විසින් (අගෝස්තු 3) දින නිවේදනයක් නිකුත් කරමින් සිය කනස්සල්ල පළ කර තිබේ.

ඉතාලියේ රෝමය මූලස්ථානය කරගත් අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවූ මෙම සංවිධානය පෙන්වා දෙන්නේ, මෙවැනි සංශෝධන අත්තනෝමතික, තාවකාලික සහ හදිසි තීරණ මත පදනම් නොවී තර්කානුකූල, ප්‍රතිපත්තිගරුක හා ශක්තිමත් ව්‍යවස්ථාමය ක්‍රියා පටිපාටියකට අනුව සිදුකළ යුතු බවයි.

එසේ නොමැති වීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය අඩපණ විය හැකි බැවින්, යෝජිත නීති සම්පාදනය නැවත සලකා බලන ලෙස ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ගෞරවපූර්වකව ඉල්ලා තිබේ.

Author

Related Posts