හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරී වගකීම පැහැර හැරීමෙන් මරණ සිදුවීමට ආධාර අනුබල දීම යන චෝදනාවලට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
විනිසුරු ප්‍රියන්ත ලියනගේ, තිලකරත්න බණ්ඩාර සහ විරාජ් වීරසූරිය යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ නඩුව විභාගයට ගෙන ඇති අතර සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන් මෙහිදී පූජිත් ජයසුන්දර වරදකරු බවට තීන්දු කර තිබේ. මෙහිදී විරාජ් වීරසූරිය විනිසුරුවරයා තීන්දු කර ඇත්තේ අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් බවයි.
විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව අනුව චෝදනා 855කින් 854කට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වරදකරු බවට තීන්දු කර ඇති අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සම්බන්ධ තීන්දුවද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
