මීගමුව බන්ධනාගාර ගැටුම: පස්වන සැකකරු ලෙස ලැම්බා නම් කෙරේ

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිදුවීමට අදාළව, එම සිද්ධියේ පස්වන සැකකරු ලෙස පල්ලෙගමගේ දිනුක ලක්මාල් හෙවත් ‘ලැම්බා’ නමැත්තා නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (31) අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ මෙම සිදුවීමට අදාළ නඩුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව අදාළ සැකකරු අද (31) දිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිය වෙත මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කර ඇත.

Author

Related Posts