2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම හිමිකර දෙමින්, පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර අද (30) සමත් විය.
මීටර් 46.84ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද අලුත් කළ ඔහු, මීට පෙර 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පැරා පදක්කම දිනා ගනිමින් රටටම ආඩම්බරයක් ගෙන දුන් ක්‍රීඩකයෙකි.
