බලපත්රය අවලංගු කරන ලද නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී රක්ෂිත තැන්පත්කරුවන් වෙත ශ්රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්රමය යටතේ රක්ෂණ වන්දි ගෙවීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.
ඒ අනුව නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පතුකරුවකු සඳහා රුපියල් 11 ලක්ෂයක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවනු ලබන බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත.
එම රක්ෂණ වන්දි ගෙවීම් අගෝස් 01 දින සිට නම් කරන ලද මහජන බැංකු ශාඛා මගින් ගෙවනු ලබන බවත්, එහිදී එම මුදල් මුදලින් ලබා ගැනීම, මහජන බැංකුවේ පවතින ගිණුම්වලට බැර කිරීම හෝ නව ගිණුමක් විවෘත කර ඒ මගින් ලබා ගැනීම යන ආකාර කිහිපයටම කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
