ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධි සංශෝධන පනත් කෙටුම්පත අනුව වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජය හෝ රජයේ සංස්ථාවකට සියයට 25 කට වැඩි කොටස් හිමි සමාගම් ඉවත් කර තිබේ.
2023 අංක 9 දරන දූෂණ විරෝධි පනත අනුව රජය හෝ රජයේ සංස්ථාවක් විසින් සියයට විසිපහකට නොඅඩු කොටස් දරන්නා වූ 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කළ සමාගම්වල සභාපතිවරුන්, අධ්යක්ෂවරු සහ මාණ්ඩලික නිලධරයන් සිය වත්කම් හා බැරකම් ප්රකාශ ලබාදිය යුතු බවට නියම කර තිබුණි.
එහෙත් වත්මන් සංශෝධනයෙන් සිදුකර ඇත්තේ රජය හෝ රාජ්ය සංස්ථාවක් විසින් සියයට පනහකට නොඅඩු කොටස් දරන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සමාගම්වල සභාපතිවරුන්, අධ්යක්ෂවරු හා මාණ්ඩලික නිලධාරයන් පමණක් සිය වත්කම් හා බැරකම් ප්රකාශ ලබාදිය යුතු බවට නියම කිරීමයි.
මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ජුලි 27 දින සහිතව 51/2026 යනුවෙන් ගැසට් මගින් ප්රකාශයට පත්කර ඇත.
