අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අමතරව රාජ්‍ය සේවයේ තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.
ජුලි 28 දින ගාලග්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති එම දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඒ සම්බන්ධයෙන් සිය කතාවේදී අදහස් පළකර ඇත.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අත්දැකීම් සහිත නිපුනතාවය ඇති වෘත්තිකයන් රාජ්‍ය සේවයේ තවදුරටත් රඳවා ගැනීම සඳහා තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවයි.
