ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ඒකාබද්ධ නාවික අභ්‍යාසය ආරම්භ වෙයි

සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සූදානම ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා – ශ්‍රී ලංකා හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක වන ‘CARAT Sri Lanka 2026’ සයවන ඒකාබද්ධ නාවික අභ්‍යාසය අද (ජූලි 27) ආරම්භ වූ අතර එය ජූලි 31 දක්වා ත්‍රිකුණාමලය සහ කොළඹදී පැවැත්වේ.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව ලෝකයේ කාර්යබහුලම සමුද්‍රීය කොරිඩෝවක් ඔස්සේ පිහිටා ඇති බැවින් ඔවුන්ගේ නාවික හමුදාවන්ට එක්ව ක්‍රියා කිරීමේ හැකියාවට ප්‍රායෝගිකව ඉතා වැදගත් ස්ථානයක් හිමි වන බවයි.

CARAT වැඩසටහන හරහා, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව දේශසීමා ඉක්මවා යන තර්ජනවලට එරෙහිව කටයුතු කිරීම, සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් පැවැත්වීම, ස්වාභාවික ආපදාවලට ප්‍රතිචාර දැක්වීම සහ ගෝලීය වෙළෙඳාම සඳහා අත්‍යවශ්‍ය ඉන්දියානු සාගරයේ වැදගත් මුහුදු මාර්ග සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය හවුල්කාරිත්වයන් සහ ප්‍රායෝගික කුසලතා තවදුරටත් ශක්තිමත් කරන බව එම නිවේදනයේ දැක්වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading