චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 200 බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ජූලි 27) නියෝග කළේය.
එසේ අප මත මුදා හරින ලෙස නියෝග කරනු ලැබුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර, අජිත් ප්‍රියන්ත, දුෂාන් ශ්‍යාමල්, ප්‍රමිල් කුසල් ගුණදාස හා වැන් කුයින් (චීන ජාතික ) නමැති සැකකරුවන් පස් දෙනාය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සිද්ධියට අදාලව මෙම සැකකරුගේ දුරකථන වාර්තා, බැංකු වාර්තා සහ ක්‍රිප්ටෝ කරන්සි හරහා මීට පෙර වෙනත් ගනුදෙනු සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මෙම වංචාවට යොදා ගන්නා ලද වාහනය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
