මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියකු වූ විජේසේකර ආරච්චිගේ චන්ද්‍රා විජයසේකර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ශ්‍රී ලංකා රේගු නිෂ්කාශනයකින් තොරව රේගු බදු නොගෙවා නීත්‍යානුකූග නොවන ආකාරයට මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර, පළමු පැවරුම කිරීම සඳහා කවුළු අංක ලබා දෙමින් එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම යන චෝදනාව යටතේය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
