කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සිදු වූ චීන ජාතිකයාගේ පැහැරගැනීම සහ ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනා අද (27) හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය බදාදා රාත්‍රියේ කොළඹ වරාය නගරයේ පාලමක් මත චීන ජාතිකයින් තුන්දෙනෙකු මාලු අල්ලමින් සිටියදී, වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහරදී, අත්පා ගැට ගසා, එක් අයෙකු පැහැරගෙන ගොස් තිබිණි.
පසුව, එම පැහැරගත් චීන ජාතිකයාගේ මළ සිරුර ඇහැළියගොඩ, කරදන ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත.
මරණකරුට සිදු කර ඇති පිහි ඇනුම් හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි හානි සිදුවී මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වූ හාඕ සොං නැමැති අදාළ චීන ජාතිකයා පරිගණක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙක් බවයි.
