රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් මරණයට පත් කරමින් හා තුවාලකරුවන් බවට පත්කරමින් මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැඳවියන් සිව් දෙනෙකු සැකකරුවන් ලෙස නම්කර ඇති අතර ඒ බව අද (ජුලි 27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
සුපුන් මධුසංඛ නොහොත් හීනටියන සුපුන්, ෂෙන් ඩිලාන් සිල්වා, අෂාන් ප්‍රනාන්දු නොහොත් කළු මල්ලී හා සමීර සම්පත් නොහොත් බබා යන රැඳවියන් සිවිදෙනා එසේ සැකකරුවන් ලෙස නම්කර තිබේ.
එහිදී මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා බන්ධනාගාර අධිකාරියට නියෝග කර ඇත්තේ එම සැකකරුවන්ව අදම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
