උපමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සාකච්ඡාවක් පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල අද (ජුලි 24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාශභංග යෝජනාව පිළිබඳ විවාදය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින්ය.
උපරමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බව ආණ්ඩුව විශ්වාශ කරන බවද, ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම හෝ වෙනත් කටයුත්තක් මෙතෙක් සිදුකර නොමැති බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
