පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා අගෝස්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
තමන්ව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මෙම පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පිළිතුරු දේශන ඉදිරිපත් කර ඇත.
පෙත්සමේ වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා අගෝස්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
