පැය 24ක් රැඳවුම්භාරයේ සිටි හිටපු රාජ්‍ය ඇමති පුතා රිමාන්ඩ්

පොලිස් නිලධාරින් ලෙස හඳුන්වමින් චීන ජාතිකයෙක්ගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පැහැර ගැනීම සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කළ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත් අනුජ ජනාදිත් ජුලි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට අද (ජුලි 23) පැය 24ක රැඳවුම් භාරයේ සිටි ඔහුව ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට පවසා ඇත්තේ සැකකරුගේ දුරකතන වාර්තා, බැංකු වාර්තා හා ක්‍රිප්ටෝ කරන්සි හරහා මීට පෙර වෙනත් ගනුදෙනු සිදුකර ඇද්ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද, සිදුවීම සඳහා යොදා ගන්නා ලද වාහනයද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා ඇත.

එහිදී හිටපු රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයාට අමතරව අනෙක් සැකකරුන් සිව් දෙනාද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර නඩුව ජුලි 27 වැනිදා කැඳවීමට නියම කර ඇත.

Author

Related Posts