වැවිලි සමාගම් මුවාවෙන් එන ආයෝජන වලට අහුවෙන්න එපා!

වැවිලි සමාගම් මුවාවෙන් පාරිභෝගිකයන්ගෙන් තැන්පතු භාර ගනිමින් ප්‍රතිලාභ ගෙවනු ලබන ආයතනවල මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම සමාගම් පිළිගැනීමේ හෝ අනුමත කිරීමේ කිසිදු යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නොමැති බවත්, එවැනි තැන්පතු ලබාගැනීමේ ක්‍රමවේද සඳහා මහ බැංකුවේ කිසිදු අනුමැතියක් හිමිව නොමැති බවත්, මෙවැනි තැන්පතු ලබාගැනීමේ ව්‍යාපාර නීති විරෝධී ලෙස සලකන බවත් අධිපතිවරයා කියා සිටියේය.

මේ වන විටත් එවැනි යෝජනාක්‍රමවල මුදල් ආයෝජනය කර ඇත්නම් එම මුදල් යළි ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, එසේ කිරීමට නොහැකි වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලිසියට හෝ මහ බැංකුවට පැමිණිලි කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් උපදෙස් දෙයි.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, එවැනි සමාගම්වලට නීත්‍යානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය නම් මුදල් සමාගමක් වශයෙන් ලියාපදිංචි වීම එකම විකල්පය බවත්, එසේ නොමැතිව තැන්පතු භාරගැනීම ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්ය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading