හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීප ඥාතියකු වන ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු වන ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේකර අද (ජුලි 22) වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයට ඉදිරිපත්ව මේ වනවිට ජාලිය වික්‍රමසූරිය ඇප මත සිටින අතර එසේ ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ ඔහු අධිකරණය මඟහැර සිටීම හේතුවෙනි.
මෙම නඩුව පිළිබඳ නීතිපති උපදෙස් ලබාගෙන දෙසැම්බර් 09 දින අධිකරණයට කරුණු දක්වන ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ජාලිය වික්‍රමසූරියට චෝදනා එල්ල වී ඇති අතර ඒ ඔහු ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කිරීමේදී තානාපති කාර්යාලයට නව පරිශ්‍රයක් ලබා ගැනීමේදී මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන්ය.
