තමන් පොලිස් නිලධාරීන් බව හඟවමින් පැමිණ මෝටර් රථයක ගමන් කරමින් සිටි චීන ජාතිකයකුගේ විදෙස් ගමන් බලපත්‍රය හා රථය පරීක්ෂා කරන මුවාවෙන්, එහි තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඊයේ (21) කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගන්නා ලදී. ප්‍රකාශයක් ලබාදීම සඳහා කොල්ලුපිටිය පොලිසියට ඊයේ පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු, අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
පසුගිය ජූලි 13 වැනිදා තමන් පොලිස් නිලධාරීන් බව හඟවමින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්, මෝටර් රථයකින් ගමන් කරමින් සිටි චීන ජාතිකයෙකු නවතා එහි දොරටු විවෘත කර මාංචු යුගලක් පෙන්වමින් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ. එහිදී අදාළ චීන ජාතිකයාගේ විදෙස් ගමන් බලපත්‍රය සහ මෝටර් රථය පරීක්ෂා කරන මුවාවෙන්, එම රථය තුළ තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සහිත බෑගය පැහැරගෙන ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇත.
අත් අඩංගුවටගෙන ඇති අනෙක් පුද්ගලයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ මුනුබුරෙකු බවද වාර්තා වේ.
