ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් අමෙරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබා ගැනීම පිළිබද විමර්ශනයේ කටයුතු වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් 20 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.
ආරංචිමාර්ග පවසන්නේ තීරණාත්මක ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගැනීම සහ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම් ඇතුළු තොරතුරු පරීක්ෂා කිරීම සදහා සදහා මෙලෙස ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇති බවය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිය වන ප්‍රියන්කා නියොමාලි විජේනායක ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර, මෙම අල්ලස් මුදල් කපිල චන්ද්‍රසේන හරහා ලබා ගත්තායැයි දැනට තොරතුරු පවතින නිමල් හේමසිරි පෙරේරා නම් ව්‍යාපාරිකයාද ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය.
මේ වන විට ප්‍රියංකා නියෝමාලි සහ චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා ඉදිරි පියවර ගැනීම සඳහා අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරමින් සිටී.
පසුගියදා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළ අතර එය ජාත්‍යන්තර පියවර ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලද අතර හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අයටත් ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තු නිකුත් කර ඇත. ඔහු මේ වන විට රැදී සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේය.
මෙම අල්ලස් මුදල් ප්‍රේෂණය වූයේ යැයි කියන බැංකු ගිණුමක හිමිකරුවකු බව කියන ඩබ්ලිව්.ඩී. නිමල් පෙරේරා යන අය ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර ඔහුගෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම ආරංචිමාර්ග අනාවරණය කළ අතර මුදල් ප්‍රේෂණය වූ බව කියන දෙවැනි සැකකාරියගේ එරට බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අදාළව අධිකරණ නියෝග ද මේ වනවිට නිකුත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙහි පළමු සැකකරු කපිල චන්ද්‍රසේන යන අය පසුගියදා අබිරහස් ලෙස මියගිය අතර ඊට අදාළ මරණ පරීක්ෂණයද කොටුව අධිකරණය හමුවේ විභාග කරනු ලබයි. මේ පිළිබද අල්ලස් කොමිසමේ විමර්ශනයේ තොරතුරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයේ තොරතුරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වාර්තා කර තිබේ.
