පැවති සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වුවහොත් ඒ යටතේ කාන්තා නියෝජනය ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුව දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව හෙට (ජුලි 21) එහි යෑමට නියමිතය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් එම කමිටුව හමුවීමට නියමිත ඇත්තේ එම කමිටුවෙන් ඒ සම්බන්ධයෙන් ලැබුන ඉල්ලීමක් අනුව වන අතර එම ඉල්ලීම එම කමිටුව සිදුකර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධයෙන් එම කමිටුවට ලබාදී තිබුණ යෝජනා අනුවය.
පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම, එසේ පැවැත්වීමේදී ඒ සඳහා කාන්තා හා තරුණ නියෝජනය ඇතුළත් කිරීම, නව ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා සීමා නිර්ණය වාර්තාව සම්බන්ධ ගැටලු විසඳා ගැනීම හෝ එම සීමා නිර්ණය සමාලෝචනය යන යෝජනා මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටුවට සිය යෝජනා වශයෙන් ඉදිරිපත් කර තිබුණි.
