ඩේසි ආච්චි ගැන නීතිපති ස්ථාවරය අගෝස්තු 31

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන අගෝස්තු මස 31 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ අද මෙම නඩුකරය කැඳවනු ලැබූ අවස්ථාවේදී අද (16) නියම කර තිබේ.

අද දින මෙම නඩුකරය කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවීමට සුදුසු දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ නියෝගය නිකුත් කර තිබේ.

තවද, මෙම නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ඉදිරි ස්ථාවරය සහ අධිචෝදනා පත්‍රයට සිදු කිරීමට නියමිත සංශෝධන පිළිබඳව එදිනට කරුණු ඉදිරිපත් කරන බවත් රජයේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

තවද, මෙම නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ඉදිරි ස්ථාවරය සහ අධිචෝදනා පත්‍රයට සිදු කිරීමට නියමිත සංශෝධන පිළිබඳව එදිනට කරුණු ඉදිරිපත් කරන බවත් රජයේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව නැවත අගෝස්තු මස 31 වනදා කැඳවීමට නියෝග කර තිබේ.

අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 59කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ දණ්ඩනීය වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading