සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු හා සමගි ජන බලවේගයේ හඟුරන්කෙත සංවිධායක ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට ගෙන ඇත.
හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචි ඔහුව ජුලි 14 දින එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අද (ජුලි 15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලැබුණ පැමිණිල්ලක් මත පොලිස් මධ්‍යම විමර්ශන කොට්ඨාශය එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව සඳහන් කරයි.
