පොල් ක්ෂේත්‍රය සඳහා මහජන අදහස් විමසයි

ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රය සඳහා දස වසරක මාර්ග සිතියමක් හා පස් වසරක උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා මහජන මතය විමසීමට තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන නිවේදනය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ විසින් ජුලි 10 දින අංක 2496/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති අතර මහජන අදහස් දින 14ක් ඇතුළත ලිඛිතව හෝ ෆැක්ස් මගින් නිවේදනය කර ඇති ඊමේල් ලිපිනයට යොමු කරන ලෙස ඉල්ලා ඇත.

ඒ සම්බන්ධයෙන් වන කෙටුම්පත අමාත්‍යාංශයීය නිල වෙබ් අඩවිය, පොල් සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය, පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය හා පොල් පර්යේෂණායතනයේ නිල වෙබ් අඩවිය මගින් ලබාගත හැකි බව එහි සඳහන් වේ.

Author

Related Posts