ඩෙංගු මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් GMOA ඉල්ලයි

දැනට රටතුළ අධි වසංගත තත්වයක් දක්වා වර්ධනය වී ඇති ඩෙංගු ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.


ඔවුන් එම ඉල්ලීම කර ඇත්තේ සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස හා නියෝජ්‍ය ඇමති මුදිත හංසක විජේමුණි සමඟ ජුලි 10 වැනිදා පැවැත්වූ සාකච්ඡාවකදීය.


එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව විධායක සභාවේ ඩෙංගු වසංගතය මැඩපැවැත්වීම ඇතුළු සෞඛ්‍ය සේවයේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරි සැලැස්මක් හා යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

Author

Related Posts