2023 වසරේදී ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අදාළ කටයුත්තක් පහසුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
අදාළ ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව, අල්ලස් කොමිසම විසින් මෙම නඩු පැවරීම සිදුකර ඇති බව වාර්තා වේ. ව්‍යාපාරික කටයුත්තකට අදාළ ලිපි ලේඛන කඩිනම් කර දීම සහ ඊට අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් මෙම මුදල ඉල්ලා ලබාගෙන ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මේ වන විට විමර්ශන නිමා කර ඇති අතර, ඊට අදාළ චෝදනා පත්‍රය කොළඹ මහාධිකරණය වෙත භාරදීමට අල්ලස් කොමිසම පියවර ගෙන ඇති බවත් නඩුව කැඳවන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
