රටවිරුවන්ට කාර් ගෙන්වන්න දුන් බලපත්‍රවලට මොකද වුනේ- වාර්තාව නීතිපතිගේ නිරීක්ෂණයට

විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව රජයේ ගිණුම් පිළිබඳ (කෝපා) කමිටුව විසින් සිදුකරන ලද පරීක්ෂණයේ වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණය හා අවශ්‍ය කටයුතු සඳහා යොමු කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව ජුලි 08 දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්ව ඇති අතර එය සභානායක ඇමති බිමල් රත්නායක විසින් ඉදිරිපත් කර ඇත.

විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022 මැයි 01 දින සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව 2025 අප්‍රේල් 02 දින පරීක්ෂණ සිදුකර ඇති අතර ඊට අදාළ වාර්තාව 2025 ඔක්තෝබර් 24 දින පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading