මිගමුව බන්ධනාගාරයේ සිද්ධිය: ගැටුමට කලින් බුද්ධි තොරතුරු ලැබිලා

බුද්ධි තොරතුරු අනුව සූදානමින් සිටි නිසා මීගමුව බන්ධනගාරයේ ගැටුමෙන් සිදු වූ හානිය අවම කර ගැනීමට හැකි වූ බව බන්ධාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර ඊයේ (07) පවසා තිබේ.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ බුද්ධි වාර්තා වලට අනුව කටයුතු කරමින් නිලධාරීන් යොදවා තිබුණු බැවින් සිදු වීමට තිබූ හානිය අවම කර ගැනීමට හැකි වූ බවයි.

ජූලි 5 දින ඇති වූ ගැටුම සහමුලින්ම සමනයට පත් කර රැඳවූවන් අදාළ වාට්ටු වලට යොමු කර තිබූ බවත් සඳුදා (6) දින රැඳවියන්ට ආහාර ලබා දී නිළධාරීන් අධිකරණ කටයුතු සඳහා පරිශ්‍රයට ඇතුළු වී ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා පවසා තිබේ. කෙසේ වුව ද ඒ මොහොත වන විටත් රැඳවූවන් මත් ද්‍රව්‍යගෙන සිහි විකල් තත්වයෙන් සිට ඇති බවද වාර්තා වේ.

එම රැඳවූවන් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් සමනය කිරීමට මැදිහත් වීමේදී බන්ධාගාර නිළධාරීන්ට මිලේච්ඡ ලෙස පහර දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

Author

Related Posts