33% ක කාන්තා නියෝජනයක් හා මන්ත්‍රීවරියන්ගේ කොට්ඨාශ මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලයි

ඉදිරියේදී පවත්වන පළාත් සභා මැතිවරණයේදී නාම යෝජනා ලැයිස්තුවල සියයට 40ක කාන්තා නියෝජනයක් හා තේරී පත්වන මන්ත්‍රීවරුන්ගෙන් සියයට 33ක කාන්තා නියෝජනයක් සහතික කරන ලෙස පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් එම ඉල්ලීම කර ඇත්තේ පළාත් සභා ඡන්ද විමසීමට යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට ඇමති විජිත හේරත්ගේ සභාපතිත්වයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සමඟ පැවති සාකච්ඡාවකදීය.

එමෙන්ම එහිදී පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර ඇත්තේ සමානුපාතික හා කොට්ඨාශ යන මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම් පවත්වන අවස්ථාවකදී කාන්තාවන්ට පමණක් තරඟ කළ හැකි කොට්ඨාශ හඳුන්වා දෙන ලෙසය. එමෙන්ම පළාත් සභා මැතිවරණය ඉක්මණින් පවත්වන ලෙසද එහිදී වැඩිදුරටත් ඉල්ලා ඇත.

Photo: File photo

Author

Related Posts