රාජ්‍ය ආදායම් පද්ධතිය නවීකරණය කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ බදු පද්ධතිය, රේගු ක්‍රමවේද, සුරාබදු කළමනාකරණය සහ සමස්ත රාජ්‍ය ආදායම් ආකෘතිය මධ්‍යකාලීන උපායමාර්ගික සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සිදුකළ බව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එම කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟද විශේෂ සාකච්ඡා පැවැත්වූ බවද එහි සඳහන් කරයි.
එහි වැඩිදුරටත් සඳහන් කරන්නේ ඩිජිටල් ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක සැලසුම්, දත්ත ඒකාබද්ධ කිරීම් වේගවත් කිරීම, මානව සම්පත් හා නායකත්ව පුහුණු වැඩසටහන් සහ බදු පදනම පුළුල් කිරීමේ තිරසාර ක්‍රමවේද පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ විශේෂ අවධානය යොමු කෙරුණ බවයි.
