ගෝල්ෆේස් අරගලයට සමගාමිව 2022 වසරේ ගාල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට බාධා කරමින් එහි පුවරු ඉරා දැමීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවකු වන හමුදා නිලධාරියකු පෙත්සම්කරුවන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද තිබේ.
එසේ සමාව අයැද ඇත්තේ එවක ගාලු්ල කොටුව හමුදා කඳවුරේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ අසේල විජේරත්න නමැති කර්නල් වරයෙකු වන අතර ඔහු සමාව ඉල්ලා ඇත්තේ එම පෙත්සම ඉදිරිපත් කළ අමරදිවාකර ලියනගේ හා අජිත් කුමාර යන නීතිඥයන් දෙදෙනාගෙනි.
එම අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ඊට පෙර වගඋත්තරකරුවන් ලෙෂ නම්කර සිටි ගාල්ල ප්‍රදේශය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, ගාල්ල ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා ගාල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේදී කොන්දේසි විරහිතව සමාව අයැද තිබේ.
මෙසේ සමාව අයැදීම් සිදුවී ඇත්තේ එම සිදුවීම සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශවය එකඟතාවය පළකිරීම නිසා වන අතර එම අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදී තිබූ එකකි. එම පෙත්සම විභාග කර ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර හා සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.
