ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු සේ කරනු ලබන ව්‍යාපාර කටයුතු හා ක්‍රියාකාරකම් තවත් මාස 06ක කාලයකට අත්හිටුවීමට තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ 2026 ජුලි 05 දින පස්වරු 4.30 සිට ඉදිරියට මාස 06ක කාලයක් එම සමාගමට බලපෑ අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන බවයි.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යෑමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම අත්හිටුවීම දීර්ඝ කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
