මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් පක්ෂග්රාහී නොවන පාර්ලිමේන්තුවේ කමිටුවක් මගින් ස්වාධීන විමර්ශනයක් සිදුකළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ අද (ජුලි 06) මීගමුවේ බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
එමෙන්ම එම සිදුවීම බන්ධනාගාර පරිපාලනය බිඳවැටීමක් හා අකාර්යක්ෂමතාවයක් බව ප්‍රකාශ කළ ඔහු මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවද පැවසීය.
විශේෂයෙන්ම රජය බලයට ආවේ සිස්ටම් චේන්ජ් කරනවා යැයි කියමින් බවත්, ඒ නිසා රජයෙන් ඇසීමට ඇත්තේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට හැකියාවක් නැද්ද යන්න බවත්, බන්ධනාගාරය තුළ මානුෂීය තත්වයන් ඇතිරීමට රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
