මීගමුව බන්ධනාගාරය යලි නොසන්සුන් – බන්ධාගාර නිලධාරීන්ටත් තුවාලයි, රැඳවියන් දෙදෙනෙකු මියගොස් 34කට තුවාලයි

මීගමුව බන්ධගාරය තුළ යලි නොසන්සුන්තාවයක් හට ගෙන ඇති බව වාර්තා වේ. බන්ධාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර මේ වන විට මෙම උණුසුම් තත්වය ඇති වී ඇති බව වාර්තා වේ. පවතින නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්වය හමුවේ බන්ධාගාර නිලධාරීන් කිහිප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පැවසේ. මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (ජූලි 05) මධ්‍යහ්න 1.00 ට පමණ හටගත් දරුණු ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ රැඳවියන් වහාම මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් අතර, ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

මෙම ගැටුම හටගෙන ඇත්තේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් නියම වී සිටින රැඳවියන් පිරිසක් අතර ය. මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ තොරතුරු පාවා දීමේ සිද්ධියක් මෙයට මුල් වී ඇති බවට සැක කෙරෙන අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “බූරු මූණා” නමැත්තා සමඟ සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුරේෂ් පුෂ්පකුමාර නැමැති රැඳවියෙකු විසින් මෙම ගැටුම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ගැටුම අතරතුර වඩාත් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ඖෂධ ගබඩාව සහ කාර්යාල පරිශ්‍රය කඩා බිඳ දමා දැඩි හානි සිදු කර ඇති අතර, එහි තිබූ වේදනා නාශක ඖෂධ වර්ග අධික ලෙස පානය කිරීමට ද කටයුතු කර තිබේ. මේ අතර, තවත් රැඳවියන් කණ්ඩායමක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහළ මතට නැග සිය විරෝධතාවය පළ කිරීමට උත්සාහ කර ඇති අතර, එහිදී සිදුවූ අනපේක්ෂිත වහළය කඩා වැටීමක් හේතුවෙන් එහි සිටි රැඳවියන් සිව්දෙනෙකු ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කිරීම ව්‍යවර්ථ වූ තත්ත්වය තුළ රැඳවියන් පලායාම වැලැක්වීම සඳහා පිටත ආරක්ෂාව තර කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ කැරලි මර්දන ඒකකය වහාම කැඳවා තිබේ.

මේ වන විට රැඳවියන්ගේ ද සහාය ඇතිව බන්ධනාගාරයේ ඇතුළත තත්ත්වය සම්පූර්ණයෙන්ම සාමකාමී මට්ටමට පත් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කර තිබේ. නමුත් තත්ත්වය තවමත් තුවාල කරුවන් බන්ධගාරයෙන් පිටතට රැගෙන යමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර කාන්තා රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක නිරත වෙමින් සඳහන් කළේ තමන්ට බන්ධාගාරය තුළ පෙනඩෝල් පෙත්තක්වත් නොමැති බවයි. විරෝධතාවයේ නියුතු රැඳවියන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් කිහිපයක් පිළිබඳව කටයුතු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එකඟ වී ඇති බවද වාර්තා වේ.

මෙම දරුණු බන්ධනාගාර අනතුර සහ ගැටුම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් සැපයීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය ද වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

සිද්ධිය සැල වීමත් සමග රැඳවියන්ගේ ඥාතීන් බන්ධගාරය අසල තම පවුල් වල සාමාජිකයන් පිළිබඳව විමසමින් ඊයේ රාත්‍රියේත් අද උදෑසනත් බන්ධනාගාරය අසලට පැමිණ සිටි අතර එහි නොසන්සුන්තාවයක් ද හට ගෙන තිබුණා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading