හොර පාස්පෝට් එකකට ආධාර අනුබල දුන් ආගමන හා විගමන නියෝජ්‍ය පාලක අත්අඩංගුවට

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (පාලන) කොළඹ වංචා විමර්ශන කාර්යංශය අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධ නඩුවකට අදාළව පොලිස්පතිවරයා වෙත මහේස්ත්‍රාත්වරයා කරන ලද දැනුම් දීමකට අදාළව වංචා විමර්ශන කාර්යංශය සිදුකරමින් පවතින විමර්ශනයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ ඡායාරූප සඳහා වෙනත් පුද්ගලයකුගේ ජීව දත්ත ඇතුළත් කර තිබියදී එම අයදුම්පත නිසි පරික්ෂාවකින් තොරව භාරයට ගෙන විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ආධාර අනුබල දීම යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

Author

Related Posts