සිර දඬුවමට එරෙහි හිරුණිකාගේ අභියාචනය විභාගයට

කොළඹ මහාධිකරණය විසින් නියම කරන ලද බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කර නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (ජුලි 06) නියම කර ඇත.

එම අභියාචනා පෙත්සම පී කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණ අතර එහිදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙත්සම විභාග කිරීම සඳහා ඉක්මන් දිනයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම අනුව එම පෙත්සම අගෝස්තු 06 දින කැඳවීමට නියම කර ඇත.

2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වැරදිකාරිය කරමින් කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේ ජුනි 28 දින හිරුණිකා ප්‍රේමචන්ද්‍රට බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් 20000ක දඩ නියම කර තිබුණි.

Author

Related Posts