සහල් හා වී, සත්ව ආහාර වලට දෙන්න ආණ්ඩුව තීරණය කරයි

සත්ත්ව ආහාර සඳහා සහල් හෝ වී යෙදවීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබූ විධානය අහෝසි කර තිබේ.

ජුලි මස 03 වැනිදා අංක 2495/26 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩ බලන සභාපති එස් එම් ඩී සූරියකුමාර එම අහෝසි කිරීම සිදුකර තිබේ.

ඒ අනුව 2022 ජුනි 24 දින අංක 2285/18 දරන අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කර තිබේ. අහෝසි කරන ලද එම අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ සහල් හෝ වී, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා කෙළින්ම භාවිතා කිරීම හෝ අන්‍යාකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිතා කිරීම සඳහා හෝ විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීම නොකළ යුතු බවට සියලුම නිෂ්පාදකයින්, වෙළඳුන් සහ බෙදාහරින්නන් වෙත විධාන කරනු ලබන බවයි.

Author

Related Posts