මීගමු බන්ධනාගාර සිදුවීම ගැන වගකීම බාර ගන්නවා – අධිකරණ ඇමති

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා ලෙස තමා වගකීම බාර ගන්නා බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර පැවසීය.

එම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඒ බව පැවසු ඇමතිවරයා පැවසුවේ සිදුවීමෙන් මරණයට පත් රැඳවියන් හා බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පවුල්වලට සිය ශෝකය හා කණගාටුව ප්‍රකාශ කරන බවයි.

මෙම සිදුවීමෙන් මරණයට පත්වී ඇත්තේ රටේ ජනතාව බවත් ඒ සම්බන්ධයෙන් බලවත් කම්පනයක් පවතින බවත් ඇමතිවරයා පැවසීය.
සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ විසත්ර එම මේ අවස්ථාවේ ඔහු සතුව නැති බවත්, ඔහුගේ ඉහළ නිලධාරීන් තවමත් මීගමුව බන්ධනාගාරය තුළ සිටින බවත්, එම තොරතුරු ලැබුණ පසු සිදුවීම සම්බන්ධයෙන් පස්ථිරවම කිව හැකි බවත් ඇමතිවරයා පැවසීය.

එමෙන්ම එම සිදුවීම බන්ධනාගාරය තුළ සිටින පාතාල කල්ලි දෙකක් අතර ඇතිවී ඇති එකක් බවත්, අද දින ආහාර ලබාදීමේදී එම කල්ලි දෙක අතර යළි ගැටුම් ඇතිවී ඇති බවත්, එම ගැටුම් සමතයට පත් කිරීමට උත්සාහ කිරීමේදී නිලධාරීන්ට එම තත්වයට මුහුණ දීමට සිදුවී ඇති බවත් ඔහු පැවසීය. එමෙන්ම නිලධාරීන්ට වෙඩි වැදී ඇති බවත්, රැඳවියන් අතට ගිනි අවි ලැබුනේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පවතින බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Author

Related Posts