කොල්ලුපිටිය වාලුකාරාම විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර රජයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම පෙරහැර පැවැත්වීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජුලි 02 දින පස්වරුවේ පැවැත්වූ බවද, එහිදී එම පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම පිළිබඳව හා ඊට අදාළ පෙර සූදානම පිළිබඳ සාකච්ඡා කළ බව එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම එම පෙරහැර සාර්ථක කර ගැනීම වෙනුවෙන් අනුග්‍රහය දක්වන රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් එයට ලබාදෙන දායකත්වයන් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
