නැගෙනහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පැය හතරක පමණ කාලයක දීර්ඝ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද (ජුලි 02) පිටව ගොස් ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර කැඳවා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ කෙහෙල්බද්දර පද්මේ සමඟ පැවති සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහාය.
