මිලියන 500ක වන්දි ඉල්ලා දෙරණට සහ නීතිඥ නලින් පතිරණට නඩු

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සිරිල් ඇන්ටන් පෙරේරා විසින් තමන්ට එරෙහිව අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් සර්වජන බලයේ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ නීතිඥ නලින් බණ්ඩාර සහ එම ප්‍රවෘත්ති ප්‍රචාරය කළ දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා අද දින (ජූලි 01) කොළඹ දිසා අධිකරණයේ අංක DMR/639/2026 යටතේ නඩුවක් ගොනු කර තිබේ.

නීතීඥ සම්පත් යාලෙවත්ත මඟින් මීට පෙර යොමුකර තිබූ එන්තරවාසි සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එම්. ඩී. සිරිල් ඇන්ටන් පෙරේරා විසින් මෙම නෛතික පියවර ගෙන තිබේ.

පසුගිය 2026 ජුනි 19 වැනිදා හෝ ඒ ආසන්න දිනකදී නීතීඥ නලින් පතිරණ විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ සුගීෂ්වර බණ්ඩාරට එරෙහිව පැමිණිලි කර ඇත්තේ ඇන්ටන් පෙරේරා මහතා බවයි.

එමෙන්ම, ඇන්ටන් පෙරේරා පශු සම්පත් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී, ඕස්ට්‍රේලියානු කිරිගව ව්‍යාපෘතියේ ප්‍රධාන ගණකාධිකාරී සහ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ උපදේශක ලෙස එකවිට රාජ්‍ය ආයතන තුනක තනතුරු දරමින්, අනීතික ලෙස වැටුප් තුනක් ලබාගෙන ඇති බවටද එම මාධ්‍ය සාකච්ඡාවේදී චෝදනා එල්ල කර තිබුණි.

ඇන්ටන් පෙරේරා පෙන්වා දෙන්නේ මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ද්වේශ සහගත ඒවා බවයි. තමන් සුගීෂ්වර බණ්ඩාරට එරෙහිව කිසිදු පැමිණිල්ලක් කර නොමැති බව ඔහු අවධාරණය කරයි.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading